පුද්ගලයන් 150 දෙනෙකු සමග ජර්මන්වින්ග්ස් ගුවන් සේවයේ 4U 9525 යානය අනතුරට පත් ප්රංශයේ ඇල්ප්ස් කඳුකර ප්රදේශය වෙත ජර්මානු, ප්රංශ සහ ස්පාඤ්ඤ නායකයෝ පැමිණි බව විදෙස් වාර්තා පවසයි.
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකෙල්, ප්රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ සහ ස්පාඤ්ඤ නායක මරියානෝ රාජෝයි වෙත මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් එහිදී ලබාදී ඇති අතර, ඔවුන් එම සහන සේවකයන්ගේ කාර්යය ඇගයීමටද ලක්කර තිබේ.
මේ අතර, යානයේ එක් කළු පෙට්ටියක් යානය අනතුරට පත් කඳුකර ප්රදේශයේදී සොයා ගැනීමට හැකිවී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
එයාර් බස් A320 මාදිලියේ 4U 9525 යානය අනතුරට පත් වන අවස්ථාවේදී එහි ගමන් ගත් මගීන් 144 දෙනාගෙන් 72 දෙනෙකු ජර්මානු ජාතිකයන් බව හඳුනාගෙන තිබේ. මේ අතර ස්පාඤ්ඤ ජාතිකයන් 51 දෙනෙකුද සිටින අතර, දරුවන් 16 දෙනෙකුද වෙයි.
.jpg)