චීනයේ දැනට කොවිඩ්-19 එන්නත් 17 ක් සායනික අත්හදා බැලීම් කර ඇති අතර, ඉන් 7ක් තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වලට ලක්ව ඇති බව චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂිගාං පැවසීය.
එන්නත් හතෙන් හතරකටම චීනයේ කොන්දේසි සහිත වාණිජ අනුමැතියද මේ වනවිට ලබා දී ඇත.
විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණ මගින් කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනට දැඩි ලෙස ඉවහල් වී ඇති බවත්, විද්‍යාව හා තාක්ෂණය වසංගතය පරාජය කිරීමට මිනිසාට ඇති බලවත්ම ආයුධය බවත් අමාත්‍යවරයා පැවසීය.
පර්යේෂකයන් 4,300කට වැඩි ප්‍රමාණයක් සහ විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම් 386කට වැඩි පිරිසක් මෙම සටනට සහභාගී වී ඇති අතර, එය මූලික පර්යේෂණ සහ කාර්මික යෙදවුම් මෙන්ම පර්යේෂණ ආයතන හා ව්‍යවසායන් අතර විශාල සහයෝගීතාවයක් බවද ඔහු ප්‍රකාශ කළේය.
වසංගතය මැඬලීම සඳහා වූ භාවිතයේ විද්‍යාත්මක පර්යේෂණ, ඉගෙනුම් හා නිෂ්පාදන ඒකාබද්ධ කිරීමේ ප්‍රවේශය සාර්ථක බව ඔප්පු වී ඇති බව ඔහු පැවසීය.
එසේම චීනය රටවල් 30කට අධික සංඛ්‍යාවක් සමග විද්‍යාත්මක හා තාක්ෂණික හුවමාරුව පවත්වා ඇති අතර, බොහෝ රටවල් සමග ප්‍රධාන කරුණු පිළිබඳව ඒකාබද්ධ පර්යේෂණ සිදුකර ඇති බව වැන්ග් පැවසීය. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරී කණ්ඩායම් 10කට චීනයේ සහභාගීත්වය දැක්වූ බවත්, සිය පර්යේෂණ ලිපි සහ ජයග්‍රහණ ගණනාවක් ජාත්‍යන්තර සගයන් විසින් හඳුනාගෙන ඒවා ක්‍රියාවට නංවා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
චීනය මේ වනවිට කොවිඩ්-19 සටන සාර්ථකව පාලනය කළ රටක් ලෙස සැලකෙන අතර, ඔවුන් ලෝකය පුරා එන්නත් බෙදාහැරීමද වේගයෙන් සිදුකරන රාජ්‍යයක් බවට පත්ව තිබේ.