පුත්තලම දුම්රිය මාර්ගයේ තාවකාලිකව වසා දැමු කොටස ලබන 31 වන දා සිට යළි ධාවනවට විවෘතකරන බව බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
කටුනායක දුම්රිය ස්ථානය හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සකස් කිරීම සඳහා මෙලෙස මාර්ගය ඊයෙ(28) සිට තාවකාලිකව වසා තැබෙන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය. ඒ අනුව ලබන 31 වන දින පෙරවරු 5.00 දක්වා එම මාර්ගය තාවකාලිකව වසා තැබෙනු ඇති.
එම කාල සීමාව තුළ කොළඹ කොටුව – සීදුව, සීදුව – කොළඹ කොටුව දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. එමෙන් ම හලාවත – මීගමුව, මීගමුව – හලාවත දුම්රිය ධාවන කටයුතු ද නව කාලසටහනක් ඔස්සේ සිදු කිරීමට නියමිතව තිබේ.