තිලංග සුමතිපාල මහතා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ අපහාස නඩුව දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එය නිශ්ප්‍රභා කෙරිණි.
2005 වසරේ මාර්තු මස 03 වැනිදා මෙම නඩුව ගොනුකර තිබුනේ 2003 වසරේ මැයි මස 21 වැනි දින සිය නිවසේදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අර්ජුන රණතුංග මහතා තමන්ට අපහාස කළ බවට චෝදනා නගමිනි.
ඒ හේතුවෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අයකර දෙන ලෙස ඉල්ලා තිලංග සුමතිපාල මහතා මෙම නඩුව පවරා තිබුණි.