අපනයන සංවර්ධන පනතෙ විදි විධාන අනුව අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන සභාවක් ස්ථාපිත කර ඇතත් අවුරුදු 26ක් තිස්සේ එම සභාව එකම අවස්ථාවකදීවත් රැස්ව නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ අනුව එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කරන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. එසේම 1977 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ මුල් වරට වෙළඳ අතිරික්තයක් පසුගිය ජුලි මාසයේදී වාර්තා වූ බවද ඔහු මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 11ක් වුවත් ආනයන වියදම ඩොලර් බිලියන 22ක් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ අනුව ඩොලර් බිලයන 11ක පමණ වෙළඳ හිඟයක් පවතින බවත් එය අවම කර ගත හැක්කේ රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිශ්පාදනය කිරීමෙන් හා අපනයන වර්ධනය කිරීමෙන් පමණක් බවත් ඔහු මෙහිදි වැඩිදුරටත් පැවැසීය.