මහනුවර ඇසල පෙරහැර සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල සිට රාජකාරි සඳහා අනුයුක්ත කළ සිටි පොලිස් නිලධාරින් 3500 කට පමන දිනකට රු,400 බැගින් ලබා දෙන ගමන් වියදමි දීමනාව මෙතෙක් ලබාදීමට පොලිස් දෙපාර්ත්තමෙින්තුව විසින් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි ඇසල පෙරහැර සඳහා රාජකාරි කළ පොලිස් නිලධාරින් චෝදනා කරන්නේ. ඇසල පෙරහැර පැවැත්වීමට ප්‍රථම බුද්ධශාසන අමාත්‍යාංශය මගින් එම රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාවට අඳාල මුදල් ඇස්තමෙින්තු ගතකර එම මුදල් පොලිස් මූලස්ථානය වෙත ලබාදෙන බවද සඳහන්.
ඉකුත් වසරේද ඇසල පෙරහැර සඳහා සහභාගි වූ පොලිස් නිලධාරින්ට අඳාල ගමන් වියදමි ලබාදීම සඳහා ආකෘති පත්‍රය පුරවා ලබාගෙන ඇතත්, එම මුදලද මෙතෙක් ගෙවා නොමැති බවයි ඇසල පෙරහැර රාජකාරි සඳහා යන පොලිස් නිලධාරින් පවසන්නේ.
ඇසල පෙරහැර රාජකාරික් සඳහා යන පොලිස් නිලධාරිින්ට පෙරහැර සමය අවසන් වන විට විශාල මුදලක් වැයවන බවත්. ආහාර පාන පවා පිටතින් ලබාගැනීමට සිදු වූ බවත් එම පොලිස් නිලධාරින් වැඩි දුරටත් සඳහන් කරනවා. මෙි වසරේ පෙරහැර රාජකාරී සඳහා සහභාගි වූ පොලිස් නිලධාරින්ගෙන් මෙි වන තෙක් අදාල ආකෘති පත්‍රය පුරවාගෙන නොමැති බවයි එම නිලධාරින් පවසන්නේ.