රථවාහන වැරදි සම්බන්ධයෙන් පැනවීමට යෝජනා වී ඇති රු.25000/= ක දඩ මුදල රටේ ජනතාවගේ ආදයම් තත්ත්වයට නොගැළපෙන රියදුරන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි අපහසුතාවයකට පත් කරන්නක් බැව් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බීමතින් රිය පැදවීම සඳහා මෙබදු දඩයක් අය කිරීමේ යම් සාධාරණයක් තිබුණද, අනෙකුත් දඩ මුදල් ජනතාවගේ ආදායම් තත්ත්වයට නොගැළපෙන බව ඔහු කියා සිටියේය. අද (22දා) පුවත්පත් කර්තෘවරුන් හමුවේ කළ සාකච්ඡාවකදී ඔහු මේ අදහස් දැක්වීය.
"සමහරුන්ට රියදුරු බලපත්රය, රක්ෂණ සහතිකය අමතක වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මේ වගේ දඩයක් ගැසීම වැරදියි. ත්රිරෝද රථ රියදුරෙක් අතින් වැරැද්දක් වුණොත් ඒ මාසෙම ඉවර වෙනවා. රටක ආදායම් මට්ටම අනුව තමයි දඩ ගහන්න ඕන.
මේ වගේ දඩ ගෙවාගන්න බැරි ඒවා. එතකොට ඒ අයව බන්ධනාගාරගත කරනවා. ඒ වගේ අය නඩත්තු කරන එක ආණ්ඩුවට තවත් පාඩුවක්" යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.