2500 මූලික වැටුපට එකතු වන චක්රලේඛය තවම නෑ
අගමැතිවරයා පොරොන්දු වූ පරිදි රාජ්ය සේවක මූලික වැටුපට මේ මස සිට රුපියල් 2500 ක් එකතු කිරීමට අදාළ චක්ර‘ලේඛ මෙතෙක් නිකුත් කර නැතැයි රාජ්ය, අර්ධ රාජ්ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මේ නිසා රාජ්ය සේවකයන්ට මේ මාසයේදී මූලික වැටුපට රුපියල් 2500 ක් එකතු නොවන බවත්, මේ තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම අදාළ චක්ර‘ලේඛය නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එම එකමතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
අග්රාමාත්යවරයා සිදුකළ ප්රකාශය ඇතුළත් අයවැය ලේඛනය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත වී තිබියදීත්, චක්ර‘ලේඛයක් නිකුත් නොකර රාජ්ය සේවකයන්ගේ බලාපොරොත්තු සුන් කිරීම පාර්ලිමේන්තු හෑල්ලුවට ලක්කිරීමක් බවද ඔහු පවසා සිටියේය.
රාජ්ය සේවක වැටුප ලබාදීමේදී ගුරුවරුන්ට අදාළ වැටුප් සකස් කර තිබෙන බවත්, එහෙත් දීමනා වශයෙන් ලබාදෙන රුපියල් දසදහසක මුදලින් රුපියල් 2500 ක් මූලික වැටුපට එකතු කරන බවට දුන් පොරොන්දුව ඉටුකර නොමැති බවත් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
