දින සියයේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට ලබාදී තිබෙන පොරොන්දුවට අනුව අනිවාර්යෙන්ම අප්‍රේල් 23 වැනිදායින් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට අද (11දා) පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණයක් ගත් බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
නව ක්‍රමයක් යටතේ මැතිවරණයක් පැවැත්වීමට තවත් මාස කිහිපයක් ගතවන බවට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙන නිසා පාර්ලිමේන්තු මැතිවරණය දැනට පවතින ක්‍රමයට පැවැත්විය යුතු බවට දැඩි තීරණයක් ගත් බවද ඔහු පවසා සිටියේය.
එහෙත් මැතිවරණ ක්රමයේ සිදුවන වෙනස්කම්වලට පූර්ව සහයෝගය ලබාදීමට තීරණය කළ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක වශයෙන් කටයුතු කරද්දී ඔහු පරාජය කිරීමට කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවලට අනුව කටයුතු නොකිරීමට තීරණය කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.