විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව ජනමත විචාරණකට යෑමට සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ඒ අනුව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු ඇතුළත් කර නොමැති බවද ඔහු පැවැසීය.
"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුළ අපි ගේනවා. එතකොට අපිට ජනමත විචාරණයකට යන්න වෙනවා. වසරක් තුළ ජනමත විචාර දෙකකට යෑම ජනතා මුදල් නාස්ති කිරිමක්.
යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළොත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු ඇතුළත් කියලා එම කරුණු සංශෝධනය කරන්න අප සූදානම්" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.