මේ මස 20 වැනිදා දක්වා දිවයින තුළ හා දිවයින අවට මුහුදු සීමාවලට තද වැසි සමග අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවත්, ඒ සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ක්ෂණිකවම ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වැසි තත්ත්වය නිසා කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව කඳු නායයෑම, ගල් පෙරළීම ආදිය පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත්, ගංගා, ඇළදොළ ආශ්‍රිතව පදිංචි වී සිටින ජනතාව ජල මූලාශ්රවල ජලය ඉහළ යෑම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුණු හා ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එළිමහනේ හෝ ගස් යට නොසිට නිවසේ තුළ හෝ ආවරණ සහිත වාහන තුළ රැඳී සිටින ලෙසත්,රැහැන් සහිත දුරකථන හා විදුලියට සම්බන්ධ කරන විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මෙම කාලය තුළදී මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.