වසර 2050 වන විට තෙල් දහනයෙන් තොර පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත විදුලි නිෂ්පාදනයක් ඇති කිරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වර්ණජයන්ති පාසලට සූර්ය විදුලිබල පද්ධතියක් ලබාදීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, " මම කාලය සමග නිරන්තර සටන් කරන, පොරොන්දු, වගකීම්, යුතුකම් කියන දේවල් කිසිදිනක අමතක නොවන දේශපාලඥයෙක්. ඒ වගේම ජනප්‍රිය රැල්ල තෝරා නොගෙන ඊට වඩා වෙනස් දේශපාලන රාමුවක වැඩකරන දේශපාලඥයෙක්.
මම නිරන්තරයෙන්ම සිතන්නේ මගෙන් ඉටුවිය යුතු වගකීම් පිළිබඳවයි. ඒ නිසා තමයි සූර්යබල සංග්‍රාමය ආරම්භ කරලා, වසර 2050 වන විට තෙල් දහනයෙන් තොරවූ ස්වයංපෝෂිත විදුලි නිෂ්පාදනයක් ලංකාව තුළ ඇතිකිරීමට සැලසුම් කරන්නේ" යැයි පැවසීය.