අලි ඇතුන්ගේ මරණ පිළිබඳ සැහැල්ලුවෙන් සිතා කටයුතු කළහොත් 2048 වසරවනවිට රට තුළ අලිඇතුන් නොමැති වීමට හැකි යැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවට සිදුකළ හැක්කේ කරුණු පෙන්වා දීම පමණක් බවත්, මේ නිසා මේ පිළිබඳ සැහැල්ලුවෙන් නොසිතා කටයුතු කළයුතු බවත් ඔහු සඳහන් කළේය.
විල්පත්තු වන විනාශයේදී බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එයට වගකිවයුතු බවත් හෙතෙම පවසා සිටියේය.