ජපන් ජයිකා ආයතනය හා ප්‍රවාහන අමාත්‍යාංශය මගින් 2035 වනවිට කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ රු.කෝටි 125400ක වියදමින් ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නංවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
එම ව්‍යාපෘති අතර මොනෝරේල් සේවාවක් ඇරඹීම, කොළඹ නගරයෙන් ගමන් අරඹන බස්රථ සේවා එක් ස්ථානයකට ගෙන ඒම සහ දුම්රිය හා බස් රථ සේවා සම්බන්ධීකරණය ද ඇතුළත් වෙයි.
කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදය නිසා අධික ඉන්ධන දහනයට අමතරව මිනිස් ශ්‍රමය දැඩි ලෙස අපතේ යන බව මේ වනවිට හෙළි වී ඇත.
නව ව්‍යාපෘතිය නිසා වාහන මෙහෙයුම් වියදම වසරකට රු.මිලියන 213,000ක් අඩුකර ගත හැකි බවත්, ගමන් වේලාවට අදාළ වියදම් අඩුවීම යටතේ රු.මිලියන 136,000ක් අඩුකර ගත හැකි බව කියැවෙයි. ඒ අනුව රු.මිලියන 349000ක දැවැන්ත ආර්ථික ප්‍රතිලාභයක් කොළඹ ප්‍රවාහන සැලැස්ම මගින් උදාකර ගත හැකි වනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්ත්මේන්තුව පවසයි.