2030 දී සැමට සනීපාරක්ෂක පහසුකම්
2030 දී සැමට සනීපාරක්ෂක පහසුකම් යන ගෝලීය ඉලක්කය අවුරුදු දහයකට පෙරාතුව ළඟාකර ගත හැකි බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
ලෝක බැංකු දූත පිරිසක් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (04දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන පානීය ජල ව්‍යාපෘති සහ සනීපාරක්ෂක කටයුතු පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍ර‘දේශවල ආරක්ෂිත ජල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 190ක් වෙන්කර තිබෙනවා. ප්‍රජා ජල ව්‍යාපෘති ශක්තිමත් කිරීම, නාගරිකකරණය සිදුවන ප්‍රදේශවල තිබෙන පානීය ජල ගැටලු විසඳීම යනාදී කාර්යයන්ද මෙම ව්‍යාපෘතියෙන් සිදුකිරීමට නියමිතයි. කිලිනොච්චිය, මුලතිව්, කෑගල්ල, රත්නපුර, බදුල්ල, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතක මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබෙනවා" යැයිද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
