2030 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සහ තාක්ෂණය සඳහා සිදු කෙරෙන ආයෝජන වලින් උතුරු අමෙරිකාව සහ යුරෝපය අභිබවා යෑමට ආසියාවට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (15 දා) චීනයේ බෙයිජිං නුවර යැංඡි විල නිකේතනයේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැති ‘එක් තීරයක් – එක් මාවතක්’ මහා සමුළුවේ ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
ශත වර්ෂ ගණනාවකට පසු පළමු වතාවට ගෝලීය ආර්ථික බලය යළිත් වරක් ආසියාව වෙත කේන්ද්‍රගත වෙමින් පවතින බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ආසියානු මධ්‍යම පංතිය තියුණු ලෙස වර්ධනය වෙන බවද පැවැසීය.
“ශ්‍රී ලංකාව උත්සාහ ගන්නේ බොහෝ රටවල් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි සිය භූගෝලීය පිහිටීම පාදක කර ගනිමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සම්මුතිවාදී ජාතික ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වීම නිසා රටේ සියළු ජනතාවට ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ලබා ගැනීමේ පදනම සැකසී තියෙනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
.jpg)