2026 මුල් මාස අටේදි රු.බි. 445ක රාජ්‍ය ආයෝජනයක්
මෙම වර්ෂයේ (2026) පළමු මාස අටතුලදි රුපියල් බිලියන 445.5 ඉක්මවු රාජ්‍ය ආයෝජනයක් සිදුකර ඇති බැව් අයවැය ආර්ථිකය සහ මුල්‍ය තත්ත්වය පිළිබදව 2027 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.
රාජ්‍ය ආයෝජනයෙන් රුපියල් බිලියන 45.2ක් දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානි වු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරිම සහ වැඩිදියුණු කිරිමට වැයකොට තිබුණි. කෙසේවුවද මෙහි සමස්ත ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය ආසන්න වශයෙන් සියයට 27ක් බවද මෙම වාර්තාවේ සදහන් වේ.
සැපයුම් දාමයේ බාධා, විශේෂයෙන් මාර්ග ඉදිකිරිම සදහා අවශ්‍ය තාර හිගය, ප්‍රසම්පාදනය ක්‍රියාවලියේ ප්‍රමාදයන්,ඉඩම් අත්පත්කරගැනිම හා පාරිසරික අනුමැතින් ලබාගැනිමේ ප්‍රමාදයන්, ව්‍යාපෘතිවල විෂය පථය වෙනස්විම, සහ ව්‍යාපෘති කළමණාකරණයට අදාළ ගැටළු ඇතුළු බාධා ප්‍රධාන වශයෙන් රජයේ මුලධන වියදම්වල ප්‍රගතිය අඩුවිමට බලපා තිබු බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
