2022 වසරට රු බි. 3184ක ණය ඕන
රජයේ සමස්ත වියදමට වඩා ආදායම අඩු බැවින් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගැනීමට අවශ්‍ය මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 3184ක් බව මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු ගත කර තිබේ.
මේ වනවිට රජය මුහුණදී ඇති ආදායම් දුෂ්කරතා හා ඒ හේතුවෙන් ඇතිවන මූල්‍ය සීමාද සලකා බලා ඒ ඒ වැය ශීර්ෂ සඳහා සකස් කරන ලද වැය ඇස්තමේන්තු කරන ලද වැය ඇතුළත් කරමින් 2020 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් මස පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.
ඒ අනුව රජයේ පොදු සේවා සඳහා වන වියදම් ලෙස රුපියල් බිලියන 2,505ක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ විවිධ නීති මගින් බලය දී ඇති ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු වියදම් ලෙස රුපියල් බිලියන 2,623ක් සහ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා වන වියදම් ලෙස රුපියල් බිලියන 06ක් වශයෙන් රුපියල් බිලියන 5,134ක සමස්ත වියදමක් 2022 වර්ෂයේදී රජයට දැරීමට සිදුවන බවටද ඇස්තමේන්තුගත කර ඇතැයි වාර්තා වේ.
2022 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                