2021 වන විට විදුලි බිල අඩු කරන්න උත්සාහ කරනවා
"අපි කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මම භාරගත්ත දවසේ පටන්ම මම කියන්නේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. මට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, එහි වාසිය අහිංසක ජනතාවට ලබාදෙන්නයි. පුළුවන්නම් විදුලි බිල 2021 වනවිට අඩු කරන්න උත්සාහ කරනවා” .
විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ අද (8) උදෑසන පැවති සාකච්ජාවකට එක්වෙමිණි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගෘහස්ත මට්ටමට කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්න ඉඩ නොදෙන බවයි.
කෂිනි හපුආරච්චි

popular news
-
bandara Tuesday, 09 April 2019 05:41 AM
මේ කියන්නේ පට්ට පල් බොරු දැන් යුනිට් 60 සීමාව 54 දක්වා අඩු කරලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 300 අඩු මාසික බිලක් එන අයකුට ගිය මාසයේ සිට රුපියල් 600 ආසන්න බිලක් එනවා . ඒ කියන්නේ සාමාන්‍ය පාරිභෝගිකයින්ට දෙගුණයක පමණ වැඩි වීමක් ඔප්පු කරන්න අවශ්‍ය නම් මගේ විදුලි බිල පෙන්නන්නම් . හරිම අවාසනාවන්ත තත්ත්වයක් ශෝකයට පත් පාරිභෝගිකයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

