2021 වසරේ මුල් භාගයේදී කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව ප්‍රජා ප්‍රතිශක්තියක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව පවසයි.
කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රජා ප්‍රතිශක්තිය පිළිබඳව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය. ඔහු පවසන්නේ මේ වසරේ මුල් භාගයේදී කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රජා ප්‍රතිශක්තියක් ඇති කළ හැකි යැයි රුසියාව අපේක්ෂා කරන බවය.
රුසියාවේ දැනට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 3,595,136ක් වාර්තා වන අතර, මරණ 66,214ක් වාර්තා කර තිබේ. එසේම එරට නිපදවූ ස්පුට්නික්-වී එන්නත වෛරසයට එරෙහිව ඉහළ ඵලදායීතාවක් හා කාර්යක්ෂමතාවක් පෙන්වන බවද කියන්නේ ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන මේ වනවිටත් අරඹමිනි.