2021 වසරේදි බිලියන 32කට අධික මුදලක් ධිවර කර්මාන්තය සංවර්ධන කිරීම සදහා යෙදවීමට බලාපොරෝත්තු වන බව අමාත්‍ය දේවානන්දා පවසයි.
කරදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම, මිරිදිය හා ජලජීවී වගා ධීවර සංවර්ධනය, ධීවර ප්‍රජා සංවර්ධන හා සුභසාධනය, වැවක් සමග ගමක් ජීවනෝපාය හා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන හා ධීවර කර්මාන්තය සදහා නව තාක්ෂණය හදුන්වාදීම යන මුලික කරුණු 05 මුල් කරගෙන ඉහත සදහන් මුදල් වැය කිරීමට තීරණය කර ඇත.
මෙම මුලික කරුණු 05ට අදාලව කරදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම යටතේ තොටුපල සංවර්ධනය, තොටුපල ප්‍රවේශ මාර්ග සංවර්ධනය, මත්ස්‍ය නිෂ්පාදන හා අලෙවි කටයුතු පුළුල් කිරීම, කරදිය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනය කිරීම, කලපු ආශ්රිත ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම, වෙරළාසන්න ධීවර ප්‍රජාව සංවිධානය කිරීම හා ශක්තිමත් කිරීම, අපනයන දිරිගැන්වීම, අලෙවිකරණ ප්‍රවර්ධනය, පසු අස්වනු නිෂ්පාදන විවිධාංගීකරණය හා සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන ප්‍රවර්ධනය, ඵලදායිතාවයෙන් යුක්ත වන ආකාරයට සාගරයට සාගරය යථා තත්ත්වයට පත් කරමින් සමුද්‍රීය සහ වෙරළබඩ පරිසර පද්ධති තිරසර ලෙස කළමණාකරනය කිරීම සහ විද්‍යාත්මක පදනමකින් යුක්තව කළමණාකරන සැලසුම් ක්‍රියාත්මක කිරීම, ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් හා ධීවර ප්‍රජාවට දේශීය වෙළදපල ධාරිතාව ඉහළ නැංවීම සදහා ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ ප්‍රජාවේ හොද ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සදහා වු වැඩසටහන් මෙන්ම වාර්තා නොකළ හා හානිකර මසුන් මැරීමේ ක්‍රම භාවිතය අවසන් කිරීම සහ විද්‍යාත්මක පදනමකින් යුක්ත කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම ඇතුලත් වේ.
මිරිදිය හා ජලජීවී වගා ධීවර සංවර්ධනය යටතේ අභ්‍යන්තර ජලාශවල මසුන් තැම්පත් කිරීම උපරිම ධාරිතාවක් කරා ගෙන යාම, ධීවර සංවිධාන ශක්තිමත් කිරීම, අපනයන වෙළදපොල ඉලක්ක කර ගත් විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, අතිරේක අදායම් උත්පාදනය මාර්ග ඇති කිරීම, ගෘහස්ත පරිමා අදායම් උත්පාදනය මාර්ග ඇති කිරීම, ගෘහස්ත පරිමාණ මත්ස්‍ය වගා ප්‍රවර්ධනය, ඌණ උපයෝජිත ඉඩම් මත්ය වගාවට යොදා ගැනීම, ඒකාබද්ධ කෘෂිකර්ම/ මත්ස්‍ය වගා තාක්ෂණය හදුන්වාදීම හා ප්‍රවර්ධනය, ඉස්සන් / කකුළුවන් ඇතුළු ඉහළ වටිනාකමක් සහිත මසුන් වගාව ප්‍රවර්ධනය හා අපනයන දිරිගැන්වීම, අලෙවිකරන ප්‍රවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍රජාමුලික මිරිදිය ධීවර හා ජලජීවී වගා ප්‍රවර්ධනය, ධීවරයන්ගේ පෝෂණය ඉහළ නැංවීම හා මිරිදිය ධීවර නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම තුළින් ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම යන කරුණු අදාල වේ.