ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, 2021 මුල් දින 10 තුළ එක්සත් ජනපදයේ නව කොවිඩ්-19 මරණ 27,000කට වඩා වාර්තා වී තිබේ.
ඉරිදා දහවල් වන විට මරණ 27,163ක් ලෙස සටහන්ව තිබුණි.
මෙම වේගයෙන් ගමන් කළහොත්, මෙම ජනවාරි මාසයේදී පසුගිය දෙසැම්බරයේ වාර්තා වූ 77,431ක් වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකිය. එරට මරණ 60,750ක් වාර්තා වූ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව අප්‍රේල් මාසයේදී සටහන්ව තිබුණි.
මේ වසරේදී නව රෝගීන් මිලියන 2.2කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. දත්තවලට අනුව දෙසැම්බර් මාසයේදී වාර්තාගත ලෙස නව කොවිඩ් -19 රෝගීන් 6,365,297ක් වාර්තා වී තිබේ.
එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, අද (11දා) උදෑසන වනවිට අවම වශයෙන් පුද්ගලයින් 374,008ක් වෛරස් රෝගයෙන් මියගොස් ඇති අතර, අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 22,374,782ක් වාර්තා වී ඇත.