ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා වෛරසය දත්ත අනුව එක්සත් ජනපදයේ 2021 පළමු දින නවය තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් සහ මරණ 24,000ක් වාර්තා වී තිබේ.
ගෙවීගිය දිනය වනවිට 2021 ජනවාරි මාසයේදී නව කොවිඩ්-19 ආසාදිතයන් 2,003,618ක් වාර්තා කර ඇති එක්සත් ජනපදය, තවත් මරණ 24,260ක් සටහන් කර ඇත.
ඒ අනුව වසංගතය ආරම්භයේ සිට එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 22,129,231ක් සහ අවම වශයෙන් මරණ 372,338ක් අද (10දා) උදෑසන වනවිට වාර්තා කර තිබේ.
විශේෂයෙන්ම පසුගියදා කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇති වූ කෝලාහලය ඇමෙරිකාව තුළ කොවිඩ්-19 ආසාදන තවදුරටත් වැඩිකරන සිදුවීමක් ලෙසද හැඳින ගෙන තිබේ.