ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක් සිය ලොක්ඩවුන් සීමාවන්ගෙන් නිදහස් වුවත්, එරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වසරේ විශාලතම දෛනික කොවිඩ්-19 ආසාදනය අද (03දා) දිනයේ වාර්තා වී තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි, පසුගිය සති දෙක තුළ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමෙන් දැඩි පීඩාවකට පත්ව සිටියි.
එරට ප්‍රාන්ත මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් විසින් නව ආසාදිතයන් 35ක් ගෙවුණු පැය 24 තුළ වාර්තා කළ අතර, ඉන් 29 ක්ම පෙර ආසාදිතයන්ට සම්බන්ධ අයවලුන් බව කියයි. එය දිනකට පෙර වාර්තා වූ ආසාදිතයන් 31 දෙනාද සමග, දැනට පැතිර යන ආසාදන රැල්ල යටතේ සමස්ත ආසාදන 250ක් ඉක්මවා තිබේ.
"ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් අප තවම දැක නැහැ. නමුත් ඉදිරි දින කිහිපය ඉතා වැදගත් බව අපි දන්නවා." සිඩ්නි සති දෙකක අගුලු දැමීමෙන් අඩක් පමණ ගෙවී යමින් ඇති පසුබිමක බෙරෙජික්ලියන් පැවසුවේ අගුලු දැමීම දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට තවමත් කල් වැඩි බවයි.
"සෞඛ්‍ය විශේෂඥයන් මට සහ මගේ සහායකයන්ට දිනපතා උපදෙස් ලබා දෙනවා," ඇය පැවසුවාය. "ලබන සතියේ යම් අවස්ථාවක අප සිටින තැන ගැන නිවැරදි චිත්‍රයක් ප්‍රජාවට සපයන්න පුළුවන් වෙයි කියා මා විශ්වාස කරනවා."