කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශයට 2020 දී බාධාවකින් තොරව පානීය ජල පහසුකම් ලබා දීමට හැකිවන පරිදි දැනට ක්‍රියාකරන ජල සම්පාදන ක්‍රම සංවර්ධනය කරන ලෙසත්, අළුතින් ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතීන් කඩිනමින් ආරම්භ කිරීමටත් පියවර ගන්නා ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිලධාරීන්ට නියෝග කර ඇත.
කොළඹ ප්‍රදේශයේ ඇතිවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘතින් නිසා අවශ්‍යවන පානීය ජල ඉල්ලීම් සපුරාලීම සහ නියං කාලයට කළුගඟ හා කැළණි ගඟ ප්‍රදේශයේ පානීය ජලයට ලවණ මිශ්‍ර වීමට විසඳුම් වශයෙන් ලවණ බාධක ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම යනාදි අරමුණෙන් අද දින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අඹතලේ, කලටුවාව, ලබුගම, කදාන, හෙන්රික්වත්ත, කොස්ගම යනාදී ජල පවිත්රාගාරයන් පිළිබඳ කරුණු සාකච්ඡා කළ අතර ජල ඉල්ලුම හා නිෂ්පාදන ධාරිතා තත්වයන් පිළිබඳව ද අවධානයට ලක්විය. තවද යෝජිත කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතිය, වැලිවිට ජල පවිත්‍රාගාරය පිහිටුවීම, කළුගඟ ලවණ බාධක හා කළුගඟ ජල ව්‍යාපෘති සංවර්ධනය කිරීම, වීඔය හා යටිමහන ජලාශයන් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙම සාකචිඡාවේ දී අදහස් ඉදිරිපත්කරන ලදී.