2020 වසරේ ලොව පුරා සිදු වූ ස්වාභාවික විපත් හේතුවෙන් සිදුවූ මූල්‍යමය අලාභය ඩොලර් බිලියන 210ක් වන අතර, එය 2019 දී ඩොලර් බිලියන 166ක් වූ ගෝලීය බිල්පතට වඩා තියුණු වැඩිවීමක් බව මියුනිච් රේ වාර්ෂික වාර්තාව පවසයි.
යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය විසින් 2020 වසර 2016 වසර හා බැඳී, ලෝකයේ උණුසුම්ම වසර ලෙස වාර්තා වෙමින්, එය දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් තීව්ර කරමින් ගෝලීය වශයෙන් උණුසුම්ම දශකය දක්වා දිව යන බවට අනතුරු ඇඟවීමෙන් පසුව මෙම මියුනිච් රේ වාර්තාව ඉස්මතු වෙයි.
පසුගිය වසරේ වාර්තාගත සුළි කුණාටු සමයක් සහ විශාල ලැව් ගින්නකින් පසුව දේශගුණික විපර්යාසයන් මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද එම වාර්තාව ඉල්ලා සිටියි.
මෙම ව්‍යසනයන් මගින් ලොව පුරා ජීවිත 8,200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සමාගම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර, රක්ෂිත වනාන්තර හානිය ඩොලර් බිලියන 82ක් හෙවත් සමස්තයෙන් 40%ක් පමණ බව කියයි.
"දේශගුණික විපර්යාස මේ සියලු ආකාරය උපද්‍රවයන් සඳහා වැඩි වැඩියෙන් දායක වනු ඇති" මියුනිච් රේ මණ්ඩලයේ සාමාජික ටොරස්ටන් ජෙවොරෙක් පැවසීය. "මීට වසර පහකට පෙර පැරිස් සම්මුතියේ කොටසක් ලෙස ගෝලීය ප්‍රජාව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් අඩු මට්ටමක තබා ගැනීමේ ඉලක්කය තබා තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමට කාලයයි" ඔහු තවදුරටත් පැවසීය.
කොපර්නිකස්ට අනුව, 2020 දී ගෝලීය උෂ්ණත්වය කාර්මීකරණයට පෙර කාලයට වඩා සෙල්සියස් අංශක 1.25ක සාමාන්‍ය ඉහළ අගයක් පෙන්වා ඇති බවත්, පසුගිය වසර හය ලෝකයේ උණුසුම්ම කාලපරිච්ඡේදය ලෙස වාර්තා වූ බවත් කියයි.