2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
මෙම මස 01 වන දින සිට එය ස්ථාපිත කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කර සිටියි.
මෙම මෙහෙයුම් මැදිරිය වෙත මහජනතාවට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව පැමිණිලි හා තොරතුරු ලබාදීම සඳහා ද පහසුකම් සලසා ඇත.
ඒ සඳහා සෘජු දුරකථන අංක ලෙස 1933 හෝ 011-2472757 භාවිත කළ හැකිය.
අනෙකුත් දුරකථන අංක ලෙස 011-5978701/ 011-5978703/ 011-5978719/ 011-5978722/ 011-5978702/ 011-5978714/ 011-5978721/ 011-5978737 භාවිත කළ හැකිය.
ෆැක්ස් අංක - 011-2345553/ 011-2327706/ 011-2440433
[email protected] විද්යුත් තැපැල් ලිපිනය ලෙස භාවිත කළ හැකිය.
