2020 පළමු කාර්තුවේ සෘණ ආර්ථික වර්ධන වේගයක්
2020 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 1.6ක සෘණ අගයක් වාර්තා වෙන බව ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
2020 ජනවාරි 01 දා සිට 2020 මාර්තු 31 දක්වා වන පළමු කාර්තුවට අදාළව මෙම ගණනය කිරීම් සිදුකර ඇති අතර එම කාර්තුවේදී ශ්‍රී ලංකවේ සේවා අංශයේ 3.1ක වර්ධනයක් ඇතිව තිබේ.
පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණාත්මක වීම සඳහා ලොවට බලපෑ කොවිඩ් 19 වසංගතය හේතුවක් වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම පසුගිය වසරේ ඇතිවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඇතැම් අංශවලට නැවතත් යථා තත්ත්වයට පත්වීමට නොහැකි වීම 2020 වසරේ පළමු කාර්තුවේ සෘණ ආර්ථික වර්ධන වේගයක් ඇත්වීමට හේතුව බවද එම වාර්තාවේ දැක්වෙයි.
2019 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.7 අගයක පැවැතුණි. 2010 වසරේ ස්ථාවර මිල අනුව 2019 වසරේ පළමු කාර්තුවේ රුපියල් මිලියන 2 330 053ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය 2020 වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 2 292 589ක් දක්වා අඩු වී තිබේ.
popular news
-
Sadin Bayiya Thursday, 06 August 2020 05:47 AM
palamu karthuwe mokada CORONA wala balapama hariyata awada? aluth janadhi pathi samaga amathi mandalaya maha mathiwaranaya ilakka karagena ganna lada vidyathmaka arthika niyanange ha dakme prathipala thama. balan hituko ithiri karthuwe prathipala ha Chandayen passe athiwana thathwe. Wimalaya 2015 kiuwa Apaye interval eka iwarayi dan hamoma "asuchi wale oluwen hita ganna" laka lahasthi wemu hode.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
