2020 පළමු කාර්තුව සඳහා 2020-05-31 දින දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව වරිපනම් ගෙවීම සඳහා කොළඹ නාගරික බල ප්රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත අවස්ථාව ලබාදී ඇති බව කොළඹ නගර සභාව දන්වා සිටී.
මෙහිදී මාර්ගගත ක්රමය (online) ඔස්සේ මෙන්ම ලංකා බැංකු හා මහජන බැංකු ශඛා මගින් වරිපනම් ගෙවීම් සිදුකළ හැකි අතර, ඊට අමතරව කොළඹ නගර සභා පරිශ්රය වෙත පැමිණ වරිපනම් කවුලු මගින්ද ගෙවීම් සිදුකළ හැකි බව කොළඹ නගර සභාව පවසා සිටී. මේ සඳහා සතියේ සෑම දිනකම පෙ.ව 8.30 සිට ප.ව. 3.00 දක්වා වරිපනම් කවුලු විවෘතව පවතින බව කොළඹ නාගරික කොමසාරිස් රෝෂණී දිසිනායක මහත්මිය සඳහන් කළාය.
ප්රියාන් ශමික