2020 වසරේදී උදා ගම්මාන 5000ක වැඩ ආරම්භ කරන බවත් එය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.2020 වසරේදී උදා ගම්මාන 5000ක වැඩ ආරම්භ කරන බවත් එය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මීරක්කනිහි ඉදි වූ 'සම් සම් ග්‍රාමම්'සහ 'සකාත් ග්‍රාමම්' උදා ගම්මාන ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
අපේ ඉලක්කය වන්නේ වසර 2020 වන විට උදා ගම්මාන 2,500 ක් රට පුරා ඇති කිරීමයි. එම ඉලක්කය 2019 වසර අග භාගය වන විට අප සම්පූර්ණ කර තිබිය යුතුයි. 2019 වසර අග භාගය වන විට අප තවත් උදා ගම්මාන 1,673 ක් ආරම්භ කළ යුතුයි. ඒ සඳහා දිනකට උදා ගම්මාන තුන බැගින් ආරම්භ කරන්නට අවශ්‍යයි. 2019 දෙසැම්බර් 31 වැනිදා වන විට උදා ගම්මාන 2,500 ක වැඩ ආරම්භ කර 2020 ජනවාරි 01 වැනිදාට තවත් උදා ගම්මාන 5,000 ක වැඩ ආරම්භ කිරීමට අප කටයුතු කරන්නේ නැවත වරක් අපේම ජනාධිපතිවරයෙකු යටතේ කියා මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නට කැමැතියි.
ʻʻමේ දිනවල දේශපාලන ක්ෂේත්රය තුළ අරුම පුදුම කතා අසන්නට ලැබෙනවා. මා එය හඳුන්වන්නේ දිව දෙකේ දේශපාලනය නොව දිව හතේ දේශපාලනය ලෙසයි. කටුස්සා කියන සත්ත්වයා ඔබ හොඳින් දන්නවා. කටුස්සා පාට මාරු කරමින් හැසිරීම් රටාව වෙනස් කරනවා. දේශපාලන ක්ෂේත්රය තුළ දිව හතේ කටුස්සෝ ටිකක් නිර්මාණය වී විවිධ ප්‍රකාශ සිදු කරමින් විවිධ ක්‍රම උපායන් අනුගමනය කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කර ගෙදර යැවූ කණ්ඩායම අද දිව හතේ කටුස්සන් බවට පත්වෙලා.
ඔවුන්ට නැවත වරක් ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට යන්නට අශාවක් ඇති වෙලා. ඒ ආසාව තුළ ඔවුන් බලහත්කාරයෙන් ඉස්තාර් උත්සවවලට යනවා. ඔවුන් බලහත්කාරයෙන් ඉස්ලාමීය ජනතාව අතර ගොස් විවිධ ප්‍රකාශ සිදු කරනවා. එසේ ප්‍රකාශ කරමින් විවිධ ස්ථාන වලට යන දිව හතේ කටුස්සන් අද දේශපාලන ක්ෂේත්රය තුළ බිහිවෙලා.” යැයි ද පවසා සිටියේය.
