2020 අසාමාන්‍ය වර්ෂය තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිචාරය, ආර්ථික ප්‍රකෘතිය සහ දරිද්‍රතාව තුරන් කිරීම තුළින් චීනය අතිවිශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං රූපවාහිනිය ඔස්සේ නව අවුරුදු දේශනය සිදුකරමින් පවසා සිටියේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සමාරම්භක සංවත්සරය නිමිත්තෙන් චීන නායකත්වය විසින් 2021 වසර තීරණාත්මක වසරක් ලෙස සැලකීය.
කොවිඩ්-19 සමග සටන් කිරීමේදී චීනය මේ වනවිටත් වීර කාව්‍යයක් ලියා ඇති අතර, රට මිනිසුන්ට සහ ජීවිතයට මුල් තැන දෙමින් වසංගතයට එරෙහිව සටන් කළේ එක්සත්කම හා නොපසුබට උත්සාහයෙන් තුළින් බව ජනාධිපතිවරයා කීවේය.
වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන්, විද්‍යාඥයන්, ප්‍රජා සේවකයන්, ස්වේච්ඡා සේවකයන් සහ ඉදිකිරීම් කම්කරුවන් ඇතුළු බොහෝ දෙනෙක් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා යකඩ පවුරක් ඉදිකිරීමට කැපවී සිටින බව ඔහු පැවසීය.
"ශ්‍රේෂ්ඨත්වය ඇතැම් අවස්ථාවල ව්‍යාජව මවා පෑවත්, වීරයන් පැමිණෙන්නේ ජනතාව අතරිනුයි. ඒ නිසා සෑම පුද්ගලයෙකුම විශිෂ්ටයි" ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති ෂී සියලුම කොවිඩ්-19 රෝගීන් වෙත සිය කරුණාව හා ආදරය පළකළ අතර, ඔවුන් බේරාගැනීම වෙනුවෙන් සටන් වදින සාමාන්‍ය ජනතාව අතරින් බිහිවුණු වීරයන්ට ආචාර කළේ, "ශ්‍රේෂ්ඨ මාතෘභූමිය සහ ජනතාව ගැන මම ආඩම්බර වෙමි." යනුවෙන් පවසමිනි.
චීනය කොවිඩ්-19 බලපෑම ජයගෙන ඇති අතර ආර්ථික හා සමාජ සංවර්ධනය සමග වසංගත පාලනය සම්බන්ධීකරණය කිරීමේදී විශාල ජයග්‍රහණ ලබා ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
රටේ 13 වැනි පස් අවුරුදු සැලැස්ම සාර්ථක අවසානයකට එලැඹ ඇති බවත්, 14 වැනි පස් අවුරුදු සැලැස්ම පුළුල් ලෙස සැලසුම් කර ඇති බවත් චීන නායකයා වැඩිදුරටත් කීවේය.
කොවිඩ්-19 විසින් ගෙනඑන ලද අභියෝග ජය ගනිමින් චීනය ධනාත්මක වර්ධනයක් වාර්තා කළ ලොව පළමු ප්‍රධාන ආර්ථිකය බවට පත්ව ඇති අතර, එහි දළ දේශීය නිෂ්පාදිතය 2020 දී එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 15.38ක් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"ඉදිරි මාවත දීර්ඝයි. ඉදිරියට යාමේ එකම මාර්ගය උත්සාහ කිරීමයි. අපි අඛණ්ඩ උත්සාහයන් දරමින් වඩාත් තේජාන්විත ජයග්‍රහණ ලබා ගැනීමට ඉදිරියට යනවා" චීන ජනාධිපති ෂී ජින්පිං අවසන් වශයෙන් අවධාරණය කළේය.