යහපාලන ආණ්ඩුවට පැමිණෙන බාධාවන් ඉවත් කර ගනිමින් ආණ්ඩුව 2020 දක්වාම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්රීවරුවන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ආණ්ඩුව 2020 දක්වාම පවත්වාගෙන යන බවත් ඒසඳහා එක්සත් ජාතික පසුපෙල මන්ත්රීවරුන්ගේද සහාය ලබාදෙන ලෙසද ජනාධිපති සිරිසේන මහතා ප්රකාශ කර තිබේ.
ශ්රීලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුව දැඩිලෙස විවේචන කරන බවත් ආණ්ඩුවේ ඉදිරිගමනට එය බාධාක් වන බැවින් මේ සම්බන්ධයෙන්ද සලසා බලන ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්රීවරුන් අතර ජනාධිපති ලේකම්කාර්යාලයේදී පැවති සාකච්ඡාවදී මෙම එකගතාවයට පැමිණි ඇති තිබේ.