ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය 2020 වසරේදී රටේ වැඩකරන ජනතාවට හා පහළ පංතියට බලය ලැබෙන රජයක් පිහිටුවිම බවත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබාදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
‘බල පෙරළිය හා ජනතා අභියෝග’යනුවෙන් ගාල්ල නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේදී ඔහු මේ අදහස් ඊයේ (14දා) ප්‍රකාශ කළේය.
“පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු අපට තියෙන්නේ දිග දුර ධාවන තරගයක්, වසර හතරහාමාරකින් පසු ඊළග මැතිවරණය තියෙන්නේ ඒ කාලයේදී වව්යස්ථා සංශෝධන, වංචා දුෂණ හොරු අල්ලාගෙන ඉදලා වැඩක් නැහැ, 2020දි පැවැත්වෙන ඒ මැතිවරණයේදී අපි බලය ගන්න ඕන, සමාජ හා ආර්ථික දේහය ගැඹුරු පරිවර්ථනයක් ඇති කල යුතු වෙනවා.
රටට ස්ථාවර ජයග්‍රහණ ලබා දිමට හැකි සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් පරිවර්ථනයක් කළ හැකි පුළුල් පෙරමුණකින් යුත් වැඩකරන ජනතාවට බලය ලැබෙන ආණ්ඩුවක් හදනවා එම පෙරමුණ විද්වතුන්ගෙන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්, සාහිත්‍යධරයන්ගෙන්, හා වැඩකරන ජනතාවගෙන් සමන්විත වෙනවා. එය පුළුල් පෙරමුණක් 2020දි බල හුවමාරු කරන්නේ ඒ පෙරමුණෙන් බව කිව යුතුයි” යැයි හෙතෙම සඳහන් කළේය.
ජිනේෂ් නානායක්කාර