අ.පො.ස සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
ඒ අනුව එම අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය ලබන 25 වනදා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හා එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම භාවිත කර මෙම අයදුම්පත් යොමුකළ හැකි වෙයි.
