2020දී රනිල් යළිත් අගමැති කරනවා
කවුරු මේ ආණ්ඩුව ගැන මොනවා කීවත් 2020 වනතුරු මේ ආණ්ඩුව ගෙන යන බවත්, 2020දී රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති කරන බවත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පළණි දිගම්බරන් මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරු නිවාස ව්‍යපෘති තුනක වතු නිවාස 155ක් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම පෙරේදා (15දා) පළණි දිගම්බරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව ආගරපතන වේවලි තේවතුයායේදී පැවැති ජන හමහුවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, “මම අනෙකුත් අය වගේ ඉන්දියාවේ සිට මෙහෙට ආවේ නැහ. මම මඩකුඹර වත්තේ ඉපදුණු කෙනෙක්. අනෙක් අයට වඩා මම වතු කම්කරුවන්ගේ අමාරුකම් දන්නවා. මම දේශපාලනයෙන් කවදාවත්ම වතු කම්කරුවන් පාවලා දෙන්නේ නැහැ. අර ඩිලාන් පෙරේරා උන්නැහේ කියනවා මම වතු කම්කරු ගිවිසුම පාවලා දුන්නලු. ඩිලාන් පෙරේරාට තියන්නේ වාචාල කටක්.
චන්ද්‍රිකා මැඩම් ළඟ ඉන්න කොට මහින්ද රාජපක්ෂ මහත්තයව පාවා දුන්නා. මහින්ද මහත්තයා දිනුවම එයා ළඟට පැනලා චන්ද්‍රිකා මැඩම් පාවලා දුන්නා. මෛත්‍රීපාල ජනධාපතිතමා දිනුවම එයා ළඟට පැනලා මහින්ද මහත්තයා පාවලා දුන්නා. වතුකරය ගැන එයා දන්නේ මොනවද. අර රෝහිත අබේගුණවර්ධන මහත්තයා කියනවා වගේ එයා ලබන මැතිවරණයෙන් පස්සේ හිටපු මන්ත්‍රී පමණයි. එක එක අය මේ ආණ්ඩුව ගැන මොනවා කීවත් මම එක දෙයක් කියන්නම්. 2020 වෙකල් අපි මේ ආණ්ඩුව කරලා 2020දී රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති කරලයි අපි පස්ස බලන්නේ” යැයි පැවැසීය.
ඡායාරූප හා සටහන- මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

popular news
-
Deepal Nirosh Monday, 16 July 2018 01:42 PM
ඔබතුමා මැදිගත් වුවත් නොවුවත් 2020 දි මෛත්‍රීපාල ජනාධිපති යටතේ මේ රටේ අනිවාර්ය අගමැති රනිල්. ඒක මුළු ලෝකයාගෙම තීරණයක්. එය ස්අථිර කර ගැනීමට එකම අවශ්‍යතාව 2020ට පෙර 20වන ව්‍යවස්ථා සංශෝධනය පමණයි.අන්න එයටයි ඔබතුමාලාගේ අනිවාර්ය මැදිගත් වීම අවශ්‍ය.
Reply : 0 0
Champa Monday, 16 July 2018 05:10 PM
එහෙනම් 2020දි පස්ස බලන්න වෙන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ආපහු කිසි දවසක මේ රටේ UNP ආණ්ඩුවක් ඇති වෙන්නේ නැති නිසා. රනිල්ට කවදාවත් චන්දයක් දිනන්න බැහැ. රනිල්ට ආයේ බෞද්ධ චන්ද හම්බ වෙන්නෙත් නැහැ. 20A ගෙන්න හදන්නේ හොර පාරෙන් දිගටම ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
