2020ට UNPයෙන් හොඳ ජනපති අපේක්ෂකයෙක්
එක්සත් ජාතික පකෂයෙහි මේ වනවිට අඩුපාඩුකම් රැසක් තිබෙන බවත්, එම අඩුපාඩුකම් ඉදිරි වසර 1 ½ තුළ සපුරාගෙන 2020 ජනාධිපතිවරණයට එකසත් ජාතික පක්ෂයෙන් හොඳ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසීය.
ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්රණ ශාලාවේදී අද (22දා) පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එත්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් පිදුම් ලත් නවින් දිසානායක මහතා පිළිගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ මේ රට තුළ රාජපක්ෂ පාලනයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු කැමැත්තක් නැහැ. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට දියාරු වෙමින් පවතින පක්ෂයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අපේ රටේ තේ අපනයනයට ජපාන රජයෙන් සහන රැසක් ලබාදීමට ජපන් රජය මට පොරොන්දු වූවා “යැයි ද පවසා සිටියේය.

හැටන් - රංජිත් රාජපක්ෂ / ශාන් හුලංනුගේ / ගිනිගත්හේන ජී.ගමආරච්චි / චන්ද්‍ර සෙල්ලහේවා / මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
popular news
-
ven Sunday, 22 July 2018 06:21 PM
විජයකලා හොඳ නැද්ද ?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
