2019 වසර අවසන් වනවිට ලංකාව පුරා පැළවර්ග කෝටි දෙකක් සිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (28දා) පැවසූහ.
සෑම පුරවැසියෙකුම කුමන හෝ ශාකයක් සිටුවිය යුතු බවත්, ඉදිරියේදී ඇතිවන පාරිසරික විපර්යාසවලට මුහුණදීම සඳහා සූදානම් විය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
'ලොවම සුවපත් වන දින සත' වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොටුව සෙමා ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහස්සේ මේ බව සඳහන් කළහ.
තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක සමග ආධ්‍යාත්මික වැඩසටහනක් ජනවාරි 01 වැනිදා සිට 07 වැනිදා දක්වා ලෝකයේ රටවල් 66ක පැවැත්වෙන බවත්, එයට සමගාමීව ශ්‍රී ලංකාවේද එම කාලය තුළදී වැඩසටහන් සංවිධානය කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, සෙමා ආයතනනයේ සභාපති අශෝක අභයගුණවර්ධන යන මහත්වරු මෙහිදී අදහස් පළකළහ.
අමිත් මධුරංග / ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ