2019 දී පාර්ලිමේන්තුවේ වචනයක්වත් කථා නොකළ මන්ත්‍රීවරු 4ක්
2019 වසරේ පාර්ලිමේන්තුවේදී එක් වචනයක් හෝ කථා නොකළ මන්ත්‍රීවරුන් 4 දෙදෙනෙක් සිටින බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
2019 වසරේ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් දත්ත වාර්තා මත පදනම්ව ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
ඉන්දික බණ්ඩාරනායක (කුරුණැගල/ සන්ධාන), ජනක බණ්ඩාර තෙන්නකෝන් (මාතලේ/සන්ධාන), සිරිපාල ගම්ලත් (පොලොන්නරුව/සන්ධාන), ඩුලිප් විජේසේකර (ගම්පහ/සන්ධාන) එසේ පාර්ලිමේන්තුවේ වචනයක්වත් කථ නොකළ මන්ත්‍රීවරුන් වෙයි.
මේ අතර 2019 වර්ෂයේ පාර්ලිමේන්තුවේ එක්වරක් පමණක් කථාකළ මන්ත්‍රීවරුන් 9 දෙනෙක්ද සිටින බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.
ඩී.එම්. ස්වාමිනාදන් (ජාතික ලැයිස්තු/එජාප), දුනේෂ් ගන්කන්ද (රත්නපුර/එජාප), එස්.බී. නාවින්න (කුරුණෑගල/එජාප), ලක්ෂ්මන් වසන්ත පෙරේරා (මාතලේ/සන්ධාන), චතුර සේනාරත්න (ගම්පහ/එජාප), මොහාන් ලාල් ග්‍රේරු (කොළඹ/සන්ධාන), ලොහාන් රත්වත්තේ (මහනුවර/සන්ධාන), ප්‍රේමලාල් ජයසේකර (රත්නපුර/සන්ධාන), ධර්මලිංගම් සිද්ධාර්තන් (යාපනය/ඉ.ත.අ.ක) යන මන්ත්‍රීවරුන් 2019 වසරේදී පාර්ලිමේන්තුවේ එක් වචනයක් පමණක් කථා කර තිබේ.

popular news
-
Lanka Thursday, 30 January 2020 04:14 PM
එ වුනාට මුන්ට කොපමණ මහජනතා මුදල් වියදම් කරලා තිබේද .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

