2019 දී දැවි තෙල් ලීටර් මිලියන 65ක් පරිසරයට මුදා හැරලා
2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් දැවි තෙල් ලීටර් මිලියන 65ක් පරිසරයට මුදාහැර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් %අද^ කළ විමසීමේදී පරිසර අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, මෙලෙස දැවි තෙල් පරිසරයට මුදාහැරීම ජල දූෂණයට හා පාංශු දූෂණයට ඍජුව බලපා ඇති බවට විද්වතුන් විසින් මෙම සාකච්ඡාවේදී පෙන්වාදුන් බවයි.
පරිසරයට හානි කරනු ලැබෙන ව්‍යාපෘති පිළිබඳ විෂය සම්බන්ධයෙන් වූ විවිධ විද්වත් පාර්ශ්ව හා අමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී එම පාර්ශ්ව පෙන්වාදී ඇත්තේ පරිසරයට මුදාහැරෙන දැවි තෙල් ප්‍රතිචක්‍රීකරණය කිරීම පිළිබඳ මෙතෙක් අදාළ ආයතන සිය අවධානය යොමු කර නොමැති බවයි.
ඒ අනුව දැවි තෙල් පරිසරයට මුදාහැරීම වැළැක්වීම සඳහා වූ විද්‍යාත්මක ක්‍රමවේද ඇතුළු අදහස් හා යෝජනා තමන් වෙත ඉදිරිපත් කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා විසින් අදාළ විද්වත් පාර්ශ්වයන්ට දන්වා තිබේ.
භාවිතයට ගන්නා ලිහිසි තෙල්, දැවි තෙල් ලෙස මෙලෙස පරිසරයට මුදාහැරෙන බවත්, ඒ අනුව ඉන් සිදුවන පාරිසරික හානි අවම කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

