2018 වසරේදී මෙරට සංචාරක පැමිණීම් සංඛ්‍යාව ලක්ෂ 23 ඉක්මවූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව එම වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,333,796ක් ලෙස සටහන් වෙයි. එය 2017 වසරේදී පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව වූ 2,1116,407 ට සාපේක්ෂව 10.3% ක වර්ධනයක් බවද එම අධිකාරිය සඳහන් කර සිටියි.
මෙහිදී පසුගිය වසරේ මාර්තු, පෙබරවාරි, ජූනි සහ නොවැම්බර් යන මාස තුළ සංචාරක පැමිණීම්හි වාර්තාගත ඉහළ යෑමක් සිදුව තිබේ. එසේම පසුගිය දෙසැම්බර් මාසය වසරේ වැඩිම සංචාරක පිරිසක් පැමිණි මාසය ලෙස සටහන්ව ඇති අතර එම සංඛ්‍යාව 253,169 කි. 2017 වසරේ දෙසැම්බරයේදී පැමිණියේ සංචාරකයන් 244,536 ක් පමණි.