2018 වර්ෂය 'ආහාර නිෂ්පාදන වර්ෂය' ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැනක් අරමුණින් 'ආහාර නිෂ්පාදනය ජාතික වැඩසටහන - 2016-2018' ආරම්භ කර තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200කට වැඩි පිරිවැයක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. එබැවින් දේශීයව නිපදවිය හැකි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල නිපදවීම පිළිබඳ අවධානය යොමුව ඇත.
කෘෂිකර්මාන්තමය මුහුණ දී ඇති ගැටලුවලට පිළියම් ලබාදීම, ඒ සඳහා වූ ප්‍රතිපත්තිමය හා තාක්ෂණික මගපෙන්වීම ලබාදීම, කෘෂිකර්මාන්තයට අදාළව ගිලිහී යමින් පවතින අභිමානය නැවත ළඟා කරගැනීම, ගොවිජනතාව මුහුණ දී ඇති අසීරු තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීම, ඔවුන් රටේ සංවර්ධනයේ පෙරගමන්කරුවන් කරමින් තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟාකර ගැනීම වැනි කරුණු මෙමගින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.