2017දී ළමා අපයෝජන ගැන පැමිණිලි 12,093ක්
ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂණ සේවාදෙපාර්තමේන්තුව වෙත 2017 වසරේදී ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ළමාරක්ෂණසේවා දෙපාර්තමේන්තුවේ 2017වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ මේබව සඳහන් කර තිබේ.
ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය 1,187කි. දෙවැනියට වැඩිම පැමිණිලි ප්‍රමණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර, එම ප්‍රමාණය 1,084කි. තෙවැනියට වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය 997කි.
ළමා අපයෝජන සම්බන්ධයෙන් 2017 වසරේදී මුලතිව් සහ පොළොන්නරුවදිස්ත්රික්කවලින් කිසිදු පැමිණිල්ලක්ලැබී නොමැති අතර, එය විශේෂත්වයකි.
මොණරාගල දිස්ත්‍රික්යෙන් පැමිණිලි37ක් පමණක් ලැබී ඇති අතර, අනෙකුත් සියලු දිස්ත්රික්කවලින්ලැබීඇතිපැමිණිලි ප්‍රමාණය සියය ඉක්මවා ඇත.
මෙම පැමිණිලි යටතේ ළමයින් පාසල් නොයැවීම, බාලවයස් විවාහ, ගැබ් ගැනීම්, කායික දණ්ඩනය, මානසික අපයෝජන, ළමා ලිංගික අපයෝනය, නොසලකාහැරීම්, ළමාමෙහෙකාර සේවය ඇතුළු පැමිණිලි ලැබී තිබේ.
මේ යටතේ 2017 වසර තුළ ළමා ලිංගිකඅපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 398ක් ලැබී තිබේ. එයින් වැඩිම පැමිණිලි ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර, එම ප්‍රමාණය 35කි.
ළමාඅපයෝජන සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී මෙම දෙපාර්තමේන්තුවවෙත පැමිණිලි 12,093ක් නාමිකව, නිර්නාමිකව, ලිඛිතව සහ දුරකථනය ඔස්සේ ලැබී ඇති අතර,එම සියලු පැමිණිලි ඉදිරි විමර්ශන කටයතු සහ නීතිමය කටයුතු සඳහා විවිධ ආයතන වෙත යොමුකර අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
පැමිණිල්ලේ ස්වරූපය අනුව ප්‍රාදේශීය ලේකම්වරුහරහා ළමා ප්‍රවර්ධන නිලධාරීන් වෙත,පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වෙත, අදාළ පොලිස් ස්ථානවලට,කම්කරුදෙපාර්තමේන්තුව, පළාත් පරිවාස දෙපාර්තමේන්තුව හාවිදේශසේවා නියුක්ති කාර්යාංශ වෙත යොමුකර ඇති බවද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්කර ඇත.

popular news
-
Champa Friday, 19 April 2019 06:35 AM
Holy cow ළමා අපයෝජන පැමිණිලි 2017 විතරක් 12,093ක්? මේ ගැන පොලිස් සංඛ්‍යා ලේඛන වල නැහැ. මේ ගාන වාර්තාව වුනු. තව වාර්තා නොවුණු කොච්චර ඇත්ද? වහල් ආණ්ඩුව මුළු සමාජයම විනාශ කළා. සමලිංගික අපරාධ අපරාධ ගණයට සැලකුවේ නැති තැනට වැඩ කළා. ගණිකා වෘත්තීය ප්‍රචලිත කළා. එක පාරක් ඕක නීතිගත කරන්නත් හැදුව. වැඩිහිටියන්ගේ මනස විකල් කළා. යහපාලන නිර්මාතෘ බම්බු ජනාධිපතිගේ ලංකාවේ දරුවෝ ගැන කරන කතාව කොහොමද? යහපාලන ආණ්ඩුවේ බම්බු අධිකරණ ඇමති ගැහැනියක් වෙලත් දරුවන් සහ ගැහැනුන් වෙනුවෙන් කිසිම අලුත් නීතියක් ගෙනාවේ හෝ තියෙන නීති තද කලේ නැහැ. හැබැයි 24/7 වැඩ කළා දේශපාලන පලිගැනීම් වලට විශේෂ අධිකරණ හදන්න සැහෙන උනන්දුවකින්. දරුවන්ට අපරාධ කරපු එවුන් ඇප දීල ගෙදර යවන්නේ නීතිය ලිහිල් නිසා. ඒ හින්ද මිනිස්සු තවත් ඒවම කරනවා. ලංකාවේ සිංහල බෞද්ධ සමාජය නැති බන්ඝස්ථාන කර දැමීම වහල් ආණ්ඩුවේ ප්‍රධාන චන්ද පොරොන්දුවක්. වරෙල්ලකෝ චන්දෙ ඉල්ලගෙන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

