2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන 177.42ක්ද , විදේශීය සංචාරකයින්ගේ පැමිණීම නිසා මිලියන 564.25ක් ද උපයාගෙන ඇති අතර වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් ද උපයාගෙන ඇත.
ඒ අනුව 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන වෙත සංචාරකයින් 2,219,841ක් පැමිණ ඇත. ඒ අතරින් 1,942,519ක් දේශීය සංචාරකයින් වන අතර 277,322ක් විදේශ සංචාරකයින් ද වනු ඇත.
ශ්‍රී ලංකා රජයේ නිළ පුවත් වෙබ් අඩවිය ඇසුරෙනි.