2017 වසර සඳහා බස්නාහිර පළාත් සභාවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 61,276ක් බව ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද (22දා) පැවසීය.
මෙම විදයම් පියවා ගැනීම සඳහා ප්‍රදාන වශයෙන් රුපියල් මිලියන 16,516ක්ද, ජාතිය ගොඩනැගීමේ බදු සහ මුද්දර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 22,080ක්ද ලබාදීමට රජය එකඟවී තිබෙන බවද මහඇමතිවරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව රා තැබරුම් රේන්ද ගාස්තු ආදායම් වශයෙන් රුපියල් ලක්ෂ 565ක්ද, මෙරට මත්පැන් බලපත්‍ර ගාස්තු රුපියල් ලක්ෂ 6,000ක්ද, පිටරට මත්පැන් තැබෑරුම් රේන්ද ගාස්තු රුපියල් ලක්ෂ 80.5ක්ද බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.
ලබන වසර සඳහා පිළියෙල කළ මුදල් ප්‍රකාශය හා විසර්ජන ප්රඥප්තිය පළාත් සභාවට ඉදිරිපත් කරමින් දේවප්‍රිය මහතා මේ බව කියා සිටියේය.බස්නාහිර පළාත් සභාවේ 29 වැනි අයවැය ලේඛනය මෙය වන අතර ඉසුර දේවප්‍රිය මහතා ඉදිරිපත් කරන දෙවන මුදල් ප්රකාශනයද මෙය වෙයි.