දිවයින පුරා පිහිටි හෙද විද්‍යාල සංවර්ධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කටයුතු යොදා තිබේ.
ඒ අනුව 2017 වසරේ දී කළුතර, ගාල්ල, අනුරාධපුරය සහ මහනුවර යන හෙද විද්‍යාල සංවර්ධනය කිරීමට නියමිතය. වැය කරන මුදල රුපියල් මිලියන 2500කි. ඒ අනුව කළුතර, ගාල්ල සහ අනුරාධපුරය යන හෙද විද්‍යාල සඳහා පස්මහල් ගොඩනැගිලි හා පරිපාලන සංකීර්ණ ඉදිකිරීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ.
මහනුවර නව හෙද විද්‍යාලය සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (05දා) පස්වරු 5.00ට මහනුවරදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
දැනට පවතින හෙද විද්‍යාල සංවර්ධනය කිරීමෙන් පසු හෙද හෙදියන් වැඩි වශයෙන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල් භුමියේ හෙද පීඨයක්ද ස්ථාපිත කරන අතර, එමගින් වසරකට හෙද උපාධිධාරීන් 2000ක් බිහිකිරීමට සැලසුම් කර තිබේ. එම උපාධිධාරීන් ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන ආකාරයෙන් බිහි කිරීමටද සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.