දිවයිනේ පිහිටා ඇති ජාතික උද්‍යාන අතුරින් 2017 වසරේ වැඩිම ආදායමක් උපයාගන්නට යාල ජාතික උද්‍යානය සමත්ව ඇති තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව 2017 වසරේ යාල ජාතික උද්‍යානය රුපියල් මිලියන 700.58ක ආදායමක් හිමිකරගෙන ඇත.
2017 වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද යාල වනෝද්යානයටය. ඒ 397,122ක පිරිසක් වන අතර මේ අතරින් 207,927ක පිරිසක් දේශීය සංචාරකයින් වන අතර 189,195ක් විදේශ සංචාරකයින් වේ.
ඉහළම ආදායම හිමිකරගත් වනෝද්‍යාන අතරින් දෙවන ස්ථානයේ පසුවන්නේ රුපියල් මිලියන 358.44ක ආදායමක් උපයාගත් උඩවලව ජාතික වනෝද්‍යානය අතර එම වසරේ දී එම උද්‍යානයට සංචාරකයින් 236,867ක් පැමිණ තිබේ.
සමස්ථ වශයෙන් සළකා බැලූ කළ 2017 වසරේ දී ජාතික උද්‍යාන සඳහා සංචාරක පැමිණීම 1635,467ක් වන අතර ඒ හරහා රුපියල් මිලියන 2,040.51ක ආදායමක් උපයාගෙන ඇත.