2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී මෝටර් වාහන ලියාපදිංචියේ අඩුවීමක් සිදුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, 2016 වසරේදී මෝටර් වාහන 493,325ක් ලියාපදිංචි කර ඇති අතර, 2017 වසරේදී ලියාපදිංචි කර ඇත්තේ මෝටර් වාහන 448,625ක් බවයි.
යතුරුපැදි ලියාපදිංචිය 340,125 සිට 341,720ක් දක්වා වැඩි වී තිබේ. ත්‍රිරෝද රථ ලියාපදිංචිය 56,945 සිට 23,395ක් දක්වා අඩුවී ඇත. එමෙන්ම බස්රථ ලියාපදිංචියද 2685 සිට 3302ක් දක්වා වැඩි වී තිබේ.
කෙසේ වෙතත් 1000cc පහළ මෝටර් රථ සඳහා රජය ලබාදුන් බදු සහනය හේතුවෙන් 2018 වසරේදී එම වාහනවල ලියාපදිංචියේ වර්ධනයක් ඇතිවෙනු ඇතැයිද ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.