2016 වර්ෂය තුළදී රට තුළ වෙඩි තැබීම් 107 ක් සහ මිනීමැරුම් 502 ක් වාර්තා වී ඇති බවත්, ඒ අනුව පාතාලය සහ සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා පොලීසිය විසින් වැඩපිළිවෙළක් දියත් කර ඇති බවට තමා වගකීමෙන් පවසන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් වාචික ප්‍රශ්න යටතේ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
2014 සිට 2016 දක්වා වූ වර්ෂ 03 ක කාලය තුළ සමස්තයක් ලෙස වෙඩි තැබීම් 317 ක් හා මිනීමැරුම් 1526 ක් වාර්තා වී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.
හෙතෙම පෙන්වා දුන්නේ 2014 වර්ෂය තුළ වෙඩි තැබීම් 112 ක් හා මිනීමැරුම් 548ක්ද, 2015 දී වෙඩි තැබීම් 98 ක් හා මිනීමැරුම් 476ක්ද, 2016 දී වෙඩි තැබීම් 107 ක් හා මිනීමැරුම් 502ක්ද වාර්තා වී ඇති බවයි.