අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වු රැකියා ලක්ෂ 10 න් රැකියා ලක්ෂ 02 ක් 2016 වර්ෂය අවසන්වීමට ප්‍රථම සපුරාලන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය අපේ අයවැයේ වැරද්දක් තියෙනවා නම් ඒ පිළිබඳව පෙන්වා දෙන්න . ආර්ථිකයේ දියුණුවට එකතුවෙන්න. රටේ ආර්ථිකය පිළිබඳව හොද විදිහට හිතලා එකතුවෙන්න. අවුරුදු විස්සකට පස්සේ ඉදිරිපත් කරපු හොදම අයවැය මේක කියලා මම කියන්න කැමතියි. 2016 අවසන් වෙන්න කලින් අගමැතිතුමා පොරොන්දුවුණ රැකියා ලක්ෂ 10න් ලක්ෂ 02 ක් අවසන් කරනවා කියලා මම වගකීමෙන් කියනවා.