දුම්රිය අනතුරු හේතුවෙන් 2016 වර්ෂයේ පුද්ගලයන් 405 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මේ වර්ෂයේ ගත වූ කාලසීමාවේදී තුළ මරණ 300කට අධික ප්රමාණයක් වාර්තා වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ නීතිය හා විමර්ශන පිළිබඳ සහකාර ආරක්ෂක අධිකාරී ලලිත් කුමාර මහතා පැවසුවේය. මේ අතර ඊයේ රාත්රී 12 සිට අද උදෑසන 10 වන විට පුද්ගලයන් දෙදෙනෙකු දුම්රියට බිලිවී ඇති බවද හෙතෙම පවසා සිටියේය.
දුම්රිය, වේදිකාවේ නතර කිරීමට ප්රථම එයට ඇතුළුවීමට තැත්කරීම හා දුම්රිය නැවැත්වීමට ප්රථම එයින් බැසීමට තැත්කිරීම යන හේතු දුම්රිය අනතුරුවලට ප්රධාන වශයෙන් හේතු ඇති බවද ඒ මහතා පවසා සිටියේය. මෙවැනි අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් දුම්රියත් දුම්රිය වේදිකාවත් අතර ඇති පරතරය අඩු කිරීමට වේදිකා අලුත්වැඩියා කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු පවසා සිටියේය. එසේම මුහුදුබඩ මාර්ගයේ රේල් පීලි මත ගමන් කිරීමේදී මුහුදේ ශබ්දය හේතුවෙන් දුම්රියේ හඬ නොඇසීම නිසාද දුම්රිය අනතුරු සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.